Trending Newsඑසැන පුවත්දේශීය

“අස්වැසුම” ගැනීම නීත්‍යානුකූල හිඟාකෑමක් – ඇමති සුනිල් හඳුන්නෙත්ති

අඩු ආදායම්ලාභීන් සඳහා “අස්වැසුම” සුබසාධන සහනාධාර දීමනා දිගින් දිගටම ලබාදීම තම රජයේ ප්‍රතිපත්තිය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග සංචාරක අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රමසේනා ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය අමතමිනි.

“මම කියන්නෙ අස්වැසුම ලබනවායි කියන එක ගැන සමාජය ලැජ්ජා වෙන්න ඕනෙ. ඒක හරියට නීත්‍යානුකූලව හිඟාකනවා වගේ වැඩක්, වෙන විදියකට කිව්වොත්. ඇයි ? කාගෙහරි, ආණ්ඩුවෙ සල්ලි අපි ගන්නවා. නැතිබැරිම නම් ගන්න එක හරිනෙ ? හැබැයි මේක දැන් ගන්න එක පුරුද්දක් බවට පත්වුණාම – අර සමහර හිඟන්නුත් ඉන්නවානෙ එහෙම, තුවාලෙ සනීප කරගන්න කැමති නැහැ. සනීප වුණත් තුවාලෙ බැන්ඩේජ් එකක් ඔතාගෙන පාරෙ ඉන්නවා. අපි මේ අස්වැසුම හැමදාම බෙදන්න ඇවිල්ලා නෑ. ඒක දේශපාලන සටන් පාඨයක් කරගෙන අපි මෙච්චර පවුල්වලට අස්වැසුම දුන්නා කියලා පම්පෝරි ගහන්න අපට ඕනෙකමක් නෑ. අපි සතුටු වෙන්න අපේ රටේ අස්වැසුම ඉවර වෙච්ච දවසට”

Related posts

ලංකාවේ කොරෝනා ආසාදිතයන් යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල ගාස්තු QR ක්‍රමවේදය හරහා අය කිරීමට අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment