Trending Newsඑසැන පුවත්දේශීය

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ මහතාට

වෛද්‍ය සමන් වීරසිංහ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි

වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” 2025 නොවැම්බර් 04 දින පිරිනමනු ලැබීය. එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සංස්කෘතික සහ ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීමට ඉටු කළ සේවය අගයමින් මෙම ගෞරව නාමය පිරිනමා තිබේ.

ශ්‍රී ලංකාවේ ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික පැවැත්මෙහි වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් 2025දී මෙම සම්මානය ලැබූ එකම ආසියානු ජාතිකයා වෛද්‍ය සමන් වීරසිංහය.

මොස්කව් වෛද්‍ය විද්‍යාලයේ ගෞරව උපාධිධාරියෙකු වන වෛද්‍ය වීරසිංහ මහතා රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ලෙස (2015 – 2018) සේවය කළ අතර දැනට ශ්‍රී ලංකා-රුසියානු මිත්‍රත්ව සංගමයේ මහ ලේකම් සහ කොළඹ රුසියානු භූගෝලීය සංගමයේ සභාපති යන තනතුරු දරයි. ඔහුගේ නායකත්වය දෙරට අතර සංස්කෘතික හුවමාරුව, සහයෝගීතාව සහ කල් පවත්නා අන්‍යොන්‍ය මිත්‍රත්වය වර්ධනය කිරීමට මහෝපකාරී වී ඇත.

Related posts

Comprehensive disarmament the only way forward

Mohamed Dilsad

Root helps England romp to victory

Mohamed Dilsad

පසුගිය දින දෙක තුළ දී චීනයේ සිට ශ්‍රී ලාංකික සිසුන් 204 මෙරටට

Mohamed Dilsad

Leave a Comment