Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

ඉන්දීයාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් 04 වෙනිදා පැවැත්වින.

ආර්ථික සහයෝගීතාව සහ කලාපීය ඒකාබද්ධතාව වර්ධනය කිරීම පිළිබඳ මෙහිදී ධනාත්මකව සසාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්වභාවික සම්පත් සහ මානව කුසලතා සංවර්ධන කාර්යේදී ඵලදායී ලෙස යොදා ගැනීම පිළිබඳව මෙන්ම, ඉන්දියාවේ වෙනස්වන ආර්ථිකය සමඟ සමීපව ශ්‍රී ලංකාවට සම්බන්ධ වීමට හැකි ආකාර පිළිබඳවත් ඒ සඳහා ශක්තීන් ගොඩනැගීම පිළිබඳවත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහිදී අවධාරණය කළාය.

ඉන්දියාව වැනි විශාල වෙළෙඳපලකට ප්‍රවේශ වීමෙන් ශ්‍රී ලංකාවේ කර්මාන්ත සීග්‍රයෙන් වර්ධනය කිරීමට ඇති හැකියාව පෙන්වා දුන් ඇය, ශක්තිමත් දේශීය කර්මාන්ත හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකය වැඩි දියුණු කළ හැකි බවද අවධාරණය කළාය.

Related posts

Angelo Mathews in doubt for the IPL

Mohamed Dilsad

SF officer killed in parachuting accident

Mohamed Dilsad

“US govt. will not buy, sell, or own actual land in Sri Lanka” – Alaina B. Teplitz

Mohamed Dilsad

Leave a Comment