Trending Newsඑසැන පුවත්දේශීය

සහල් ආනයනය 2028 දී නතර කරනවා – ලාල් කාන්ත

රටේ කෑම බීම ටික සම්පූර්ණ කරගන්න දිගු කාලීන ඉලක්කයක් තිබෙන බව මෙන්ම විශේෂයෙන් 2028 වෙනකොට පිටරටින් සහල් ආනයනය නතර කිරීමට කටයුතු කරන බව ඇමති කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ රජයේ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන ‘වාරි මහිම අපේ උරුමය’ වැඩසටහනට සමගාමීව, පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මේ බව සඳහන් කළ අතර රටේ වී වගාවට යටකර ඇති කුඹුරු ප්‍රමාණය ප්‍රමාණවත් බවත්, දැන් අවශ්‍ය වන්නේ අස්වැන්න වැඩි කිරීම බවත් සඳහන් කළේය .

උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ මූලික වගකීම බවයි.

රටේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා, පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ තමන්ගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරයා යටතේ විශේෂ කමිටුවක් පවතින බවත්, එම කමිටුව සති දෙකකට වරක් රැස්වෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ සඳහා නව වැඩපිළිවෙළක් මාස් කන්නයේදී ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, හෝටල් සහ උත්සව අවස්ථා සඳහා අවශ්‍ය වන කීරි සම්බා සහල් වර්ගය මේ දිනවල යම් ප්‍රමාණයක් පිටරටින් ගෙන්වීමට සිදුව ඇත්තේ දේශීය වගාවන්හි ඌනතාවය නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

“කීරි සම්බා අක්කරයකින් ගන්න පුළුවන් අස්වැන්න නාඩු වලට වඩා අඩුයි, එතැනයි ප්‍රශ්නෙ තියෙන්නේ. නමුත් ඒකට වැඩි මිලක් හම්බවෙනවා. පුළුවන්නම් මේ ප්‍රදේශයේ කීරි සම්බා වැඩිපුර වගා කරන්න බලන්න. පුරුද්දට වගා කරලා දැන් හරියන්නේ නැහැ.”

Related posts

Pakistan to free Indian Pilot today

Mohamed Dilsad

பெற்றோல் விலை அதிகரிக்கப்பட மாட்டாது

Mohamed Dilsad

John McCain laid to rest at US Naval Academy

Mohamed Dilsad

Leave a Comment