Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපතිගේ සිරුරෙන් වෙඩි උණ්ඩ 06ක්….

වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ මරණයට හේතුව, ගිනි අවියකින් එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා ඇති වූ හිසට සහ පපුවේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදු වූ බරපතල හානි බව මාතර මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී විසින් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා විසින් සභාපතිවරයාගේ හිසෙන් උණ්ඩ තුනක් සහ පපුවෙන් තවත් උණ්ඩ තුනක් ලෙස, මුළු උණ්ඩ කොපු හයක් ශරීරයෙන් ඉවත් කර, වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලධාරීන් වෙත බාර දෙන ලදී.

මෘත දේහය එක්ස් කිරණ පරීක්ෂාවකට යොමු කිරීමෙන් පසුව වාර්තා ලබා ගැනීම නිසා, මෙම උණ්ඩ කොපු පහසුවෙන් සොයා ගැනීමට හැකි වූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කර තිබේ.

එල්ල වූ මාරාන්තික තුවාලවල ස්වභාවය අනුව, සභාපතිවරයා එම ස්ථානයේදීම මිය යන්නට ඇති බවට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා අනුමාන කරයි.

අභාවප්‍රාප්ත සභාපතිවරයා සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් පවත්වන ලදී.

Related posts

பிரதம நீதியரசராக ஜயந்த ஜயசூரிய நியமனம்

Mohamed Dilsad

Gotabaya Rajapaksa confirms Presidential run

Mohamed Dilsad

28ஆம் திகதி பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

Leave a Comment