Trending Newsඑසැන පුවත්දේශීය

වැලිගම සභාපති ඝාතනයේ සැකකරුවන් ගැන තොරතුරු ලැබී තිබෙනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතන සැකකරුවන් ගැන සාර්ථක තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රකාශ කළේය.

 ඉදිරි දින දෙක තුන තුළ ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පොලිස් කණ්ඩායම් 4ක් යෙදෙව්වා. මේ වනවිට තොරතුරු ලැබී තියෙනවා. දින 2ක් 3ක් ඇතුළත මේකට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්නවා. ඒ සඳහා නියෝගයක් ලබාදීලා තියෙනවා. ඒ ගැන තොරතුරු ලැබෙමින් තියෙනවා. අපි කනගාටු වෙනවා එතුමා ඝාතනයට ලක්වීම ගැන. මම ඊයෙත් කිව්වා මේක පාතාලය, නීතිවිරෝධී කටයුතු කරන කෙනෙක් ද වෙනත් කෙනෙක් ද කියන එක අපිට අදාළ නෑ. හැම ජීවිතයක්ම ආරක්ෂා කරන්න අපි බැඳිලා ඉන්නවා.”

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

සභාපතිවරයාගේ මෘත දේහය ඊයේ (22) රාත්‍රීයේ නිවසට රැගෙන විත් තිබුණි.

Related posts

හෙට නගරාන්තර දුම්රිය දෙකක් ධාවනයට එක්කරයි

Mohamed Dilsad

“Gam Peraliya’ programme initiated to make a huge revolution in village development” – President

Mohamed Dilsad

Rice to be sold at a fixed price now

Mohamed Dilsad

Leave a Comment