Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහි විශ්වාසභංගයක්

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය අරුණ ජයසේකර ට එරෙහිව කලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව, හේතුවක් නොමැතිව කථානායක ජගත් වික්‍රමරත්න විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා චෝදනා කරයි.

කථානායකවරයා කෙරෙහි විශ්වාසය බිඳී යාම නිසා, ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

එම යෝජනාවේ කෙටුම්පත මේ වන විට සකස් කර අවසන් බවත්, ලබන 21 වැනිදා එය විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් හමුවට ඉදිරිපත් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නායකයින්ගේ අනුමැතිය ලැබුණු වහාම, එම සතියේදීම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීමටත්, ඉන්පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කථානායකවරයා පක්‍ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන්ද කරුණු ඇති බවත්, එම නිසාම විපක්‍ෂයේ විශාල මන්ත්‍රී පිරිසක් ඔහු කෙරෙහි විශ්වාසය තබා නොමැති බවත් අජිත් පී. පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

විපක්‍ෂයේ සියලුම පක්‍ෂවල සහාය ඇතිව මෙම විශ්වාසභංග යෝජනාව ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ක්‍රියා කරන බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Related posts

Two suspects arrested with 710 grams of heroin

Mohamed Dilsad

சீரற்ற கால நிலையினால் கடல் கொந்தளிப்பு

Mohamed Dilsad

Burkina Faso: Attack on church kills at least 14

Mohamed Dilsad

Leave a Comment