Trending Newsඑසැන පුවත්දේශීය

කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කරලා

දේශ­පා­ලන වශ­යෙන් සක්‍රීය කණ්ඩා­යම් 76ක් අලු­තින් දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චිය සඳහා අය­දු­ම්පත් ඉදි­රි­පත් කර ඇතැයි වාර්තා වේ.

නව දේශ­පා­ලන පක්ෂ ලියා­ප­දිං­චි­යට අදාළ සම්මුඛ පරී­ක්ෂණ මේ දින­වල මැති­ව­රණ කොමි­ෂන් සභාව මඟින් සිදු කෙරේ. 

මෙසේ අය­දු­ම්පත් ඉදි­රි­පත් කරන ලද කණ්ඩා­යම් සම්මුඛ පරී­ක්ෂණ සඳහා කැඳ­වීම වාර්ෂි­කව සිදු කරනු ලබයි. 

මේ සඳහා වැඩිම ඉල්ලු­ම්පත් ප්‍රමා­ණ­යක් ලැබී ඇත්තේ බස්නා­හිර පළා­තෙන් වන අතර, අඩුම ඉල්ලු­ම්පත් ප්‍රමා­ණ­යක් ලැබී ඇත්තේ උතුරු-නැ‍ඟෙන­හිර පළා­ත්ව­ලින් බව වාර්තා වේ.

මැති­ව­රණ කොමි­ෂන් සභා වෙබ් අ­ඩ­වි­යට අනුව 16 වැනිදා වන විට ශ්‍රී ලංකාවේ ලියා­ප­දිංචි දේශ­පා­ලන පක්ෂ සංඛ්‍යාව 83කි. 

කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ දේශ­පා­ලන විද්‍යා අධ්‍ය­යන අංශයේ කථි­කා­චාර්ය සුමිත් චාමින්ද පෙන්වා දෙන්නේ ලංකාවේ දේශ­පා­ලන පක්ෂ ක්‍රමයේ විශාල පරි­ව­ර්ත­න­යක් පසු­ගිය කාලයේ සිදු වූ බවයි.

(සිළුමිණ)

Related posts

கொழும்பு செட்டியார் தெரு இன்றைய தங்க விலை நிலவரம்

Mohamed Dilsad

දිවයිනටම විදුලිය ඇණ හිටියි

Mohamed Dilsad

13 die of Dengue in Kinniya

Mohamed Dilsad

Leave a Comment