Trending Newsඑසැන පුවත්දේශීය

සෙව්වන්දිට නවාතැන් දුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ නැන්දනිය අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ලේ සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් ලබා දුන් පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ නැන්දනිය කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (17) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පොලිස් කොස්තාපල්වරයා අලුත්ගම පොලීසියට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු වන අතර කාන්තාවගෙන් ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පොලිස් නිලධාරියා එම කාන්තාවගේ බෑණා වන බවත් ඔහුගේ උපදෙස් මත ඉසාරා සෙව්වන්දිට නවාතැන් පහසුකම් සපයා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ..

මීට අමතරව ඉෂාරා සෙව්වන්දිට මාස එකහමාරක කාලයක් නවාතැන් පහසුකම් ලබා දුන් බව කියන පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු මතුගම ශාන් නැමති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව මෙතෙක් සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි සඳහන්..

ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයෙන් පසු ඉෂාරා සෙව්වන්දිට ආරක්ෂාව ලබාදුන්, නවාතැන් පහසුකම්, ආහාරපාන, ප්‍රවාහන කටයුතු ඇතුළු අනෙකුත් පහසුකම් සපයමින් විවිධ අයුරින් සබඳතා පැවැත්වූ අය පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය වෙමින් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

සජින් ද වාස් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

අද සිට කොළඹ මංතීරු නීතිය අකුරට

Mohamed Dilsad

Premier and Defence Secretary discuss national security

Mohamed Dilsad

Leave a Comment