Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් තෙල් ෂැෂේ පැකට්…

ෂැෂේ ඇසුරුම්වල යොදා පොල් තෙල් අලෙවි කිරීම සම්බන්ධව පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇතැයි එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ නන්දන කනුගල මහතා පවසයි.

ගෘහස්ථ පොල් නාස්තිය අවම කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති වැඩසටහනකදී ඔහු මේ බව කියා සිටියේය.

බැරල්වල පුරවන ලද පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව ගැටලු තත්වයන් පවතින බැවින්, ජනතාවට ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් පාරිභෝජනයට අවස්ථාව සැලසීම සඳහා පොල් සංවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත ෂැෂේ ඇසුරුම් අලෙවි කිරීම සම්බන්ධව අධිකාරිය අවධානය යොමුකර ඇත.

මේ අනුව, මිලි ලීටර් 150,මිලි ලීටර් 200 ආදී ලෙස විවිධ ප්‍රමාණවලින් ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් මිලදී ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.

ජනතාවට දරාගත හැකි මිලකට මිලදී ගත හැකි පරිදි මෙම ඇසුරුම් අලෙවි කිරීම සම්බන්ධව අධිකාරිය අවධානය යොමුකර ඇතැයිද ඔහු පැවැසුවේය.

Related posts

වැඩිවූ විදුලි බිලට එරෙහි විරෝධය

Mohamed Dilsad

All Govt. schools to be closed on Nov. 15

Mohamed Dilsad

First consignment of China rice donation arrives

Mohamed Dilsad

Leave a Comment