Trending Newsඑසැන පුවත්දේශීය

ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය

මෙරට පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ශව දෙකක් විසින් ඉදිරිපත් කළ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය  තීන්දු කළේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් අද(17) කැඳවූහ.

එහිදී අදාළ පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි බවට නීතිපතිවරයා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගත්  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළේය.

Related posts

புதிய இராணுவ தளபதியின் நியமனம் தொடர்பில் அமெரிக்க தூதரகம் அறிக்கை

Mohamed Dilsad

සේවය අතහැර යාමේ නියෝගය ලද පොලිස් නිළධාරින් නැවත සේවයට

Mohamed Dilsad

உள்ளூராட்சி மன்ற தேர்தல் திகதி அறிவிப்பு

Mohamed Dilsad

Leave a Comment