Trending Newsඑසැන පුවත්දේශීය

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව කල් තබයි

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහි නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් 12 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කලේය.

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

එය අද (15) කැඳවු අවස්ථාවේ නඩුවට සම්බන්ධ ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් විත්තියේ නීතීඥවරුන් වෙත ලබා දුන්නේය.

එහිදි විත්තියේ නීතිඥවරයා කියා සිටියේ මෙම නඩුවට අදාළ තවත් ලේඛන සමහරක් කඩුවෙල උසාවියේ විත්තිකරුට එරෙහිව ගොනු කර ඇති නඩුවක  ඇති බවය.

ඒවා පරීක්ෂා කිරීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කලේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියේ එම ලේඛන පරීක්ෂා කිරීම සඳහා නඩුව කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසය.

පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාල ලේඛන පරීක්ෂාව සඳහා මෙම නඩුව නොවැම්බර් 6 වනදා කැඳවන ලෙසත් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුව නොවැම්බර් 12 වනදා කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

රුපියල් මිලියන 73 කට ආසන්න වත්කම් හා දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණියට චෝදනා එල්ල වී ඇත.

Related posts

சர்வ கட்­சி­ மாநாடு ஜனாதிபதி தலைமையில் இன்று

Mohamed Dilsad

உத்தியோகபூர்வ வாக்காளர் அட்டைகள் தபால் திணைக்களத்திடம் கையளிப்பு

Mohamed Dilsad

Kandy Violence: Suspects including Amith Weerasinghe further remanded

Mohamed Dilsad

Leave a Comment