Trending Newsඑසැන පුවත්දේශීය

විල්පත්තුවේ ජනතාව නැවත පදිංචි කිරීම පිළිබඳව, හිටපු ඇමති බදියුදීන්ට එරෙහි රිට් පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

උතුරු පළාතේ මුස්ලිම්වරුන් නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු සහ මලින්ද සෙනෙවිරත්න මහත්වරු විසින් 2018 දී ගොනු කරන ලද රිට් පෙත්සම, අභියාචනාධිකරණය විසින් අද (15) ප්‍රතික්ෂේප කළහ. අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ ධම්මික ගනේපොළ මහත්වරු ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ එම නියෝගය කළහ.
උතුරු පළාතේ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සම්බන්ධයෙන් වසර හතකට ආසන්න කාලයක් තිස්සේ විභාග වෙමින් පැවති මෙම නඩුව, අවසන් කිරීම ප්‍රමාද වී තිබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් අභියාචනාධිකරණයේ කරුණු දැක්වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා මහතා කියා සිටියේ නඩුව පවත්වාගෙන යෑමට නෛතික පසුබිමක් නොමැති බවත්, මාධ්‍ය ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා පෙත්සම්කරුවන් මෙම නඩුව පවත්වාගෙන යෑමට උත්සාහ කරන බවයි. පෙත්සම්කාර පාර්ශ්වය නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට අපොහොසත් වීම හේතුවෙන්, අදාළ පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරු, අදාළ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කළහ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ සුගන්තිකා මහත්මිය පෙනී සිටියාය. 1 සිට 3 දක්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය. නීතීඥ ෂිෆාන් මහරුෆ් සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහත්වරු, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන් පෙනී සිටි අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ රුවන්ත කුරේ මහතා පෙනී සිටියේය.

Related posts

අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ තවදුරටත්.

Editor O

சமூர்த்தி அபிவிருத்தி உத்தியோகத்தர்கள் தொடர்ந்தும் தொழிற்சங்க போராட்டத்தில்

Mohamed Dilsad

වාර්ෂිකව තැපෑලෙන් බිලියන 06 ක පාඩුවක් – සේවා පුළුල් කිරීමට ජනපති උපදෙස්

Mohamed Dilsad

Leave a Comment