Trending Newsඑසැන පුවත්දේශීය

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගැන සුවිශේෂ තීරණයක්

2025 අයවැය යෝජනාවක් අනුව, රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව, 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත, 2025 අංක 09 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනා (සංශෝධන) පනත සහ 2025 අංක 10 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව (සංශෝධන) පනත 2025‑04‑01 දින සිට ක්‍රියාත්මක වන පරිදි 2025‑07‑22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇත. 

එකී විධිවිධාන අනුව 2025‑04‑01 වන දින සිට මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වන අතර, 2026‑01‑01 දින සිට මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි වේ. 

එලෙස මාසික අවම වේතනය වැඩිකිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතුව ඇත.

එමෙන්ම, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ නිරත කරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයෙක්ම එකී නියමයන්ට යටත්ව පියවර ගැනීම සඳහා නීතියෙන් බැඳී සිටී. 

එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු කොමසාරිස් ජනරාල් වෙත බලය පැවරී ඇති අතර, ඒ අනුව එම විධිවිධාන පිළිබඳව පුවත්පත් දැන්වීම් මඟින් අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇත. 

මෙම තොරතුරු කම්කරු ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට ඉදිරිපත් කරන ලදුව, එම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදීමට තීරණය කරන ලදී.

Related posts

US Ambassador holds talks with TNA on political situation

Mohamed Dilsad

20 Tamil Nadu fishermen released by Sri Lanka, handed over to Indian Coast Guard

Mohamed Dilsad

අස්වැසුම ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment