Trending Newsඑසැන පුවත්දේශීය

ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ඛියයි. .

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය වුයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවයි.

පසුගිය පෙබරවාරි මස 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති 25 හැවිරිදි කාන්තාවයි.

වෙඩිතැබීම සිදුකළ දිනයේ සිට මේ දක්වා ඇය සැඟවී සිටි අතර, ඇය සිටින ස්ථාන සම්බන්ධයෙන් නිසි තොරතුරක් ලැබී නොතිබුණි.

Related posts

‘என்டர்பிரைஸ் ஸ்ரீலங்கா’ தேசிய கண்காட்சி இன்று ஆரம்பம்

Mohamed Dilsad

දියේ ගිලී මියගිය ක්‍රිෂ්ණමූර්ති පොලිස් සැරයන් නිලයට

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

Mohamed Dilsad

Leave a Comment