Trending Newsඑසැන පුවත්දේශීය

චතුරංගගේ මට්ටමට, මම පහළට වැටෙන්නේ නැහැ – ආචාර්යය හර්ෂද සිල්වා

තමන් වසර 14ක් පමණ දේශපාලනයේ නිරත නමුත් කිසිවිටෙක විරුද්ධ දේශපාලනඥයින්ට පෞද්ගලික අවලාද නොනඟන බවත්, මේ මොහොතේද එවැනි තත්ත්වයකට ඇද නොවැටෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ හර්ෂ ද සිල්වාට මේ වන විට පක්ෂයක්, ආසනයක් පමණක් නොව දේශපාලන අනාගතයක්ද නැතිව සිටින බවට පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ සිදුකළ ප්‍රකාශය සම්බන්ධව මාධ්‍යවේදින්ගේ විමසුමකට ප්‍රතිචාරය දක්වමින්ය.

එහිදි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ 1990 සුවසැරිය යනු කාගේවත් පෞද්ගලික බූදලයක් නොවන බව රටම දන්නා කරුණක් බවයි.

බාධා රැසක් මධ්‍යයේ ස්ථාපිත සුවසැරිය සේවයේ වටිනාකම ජනතාව දැනුවත් බවද ඔහු සඳහන් කළ අතර ඊට අයත් ගිලන් රථ පවා රෝහල් ආශ්‍රිතව නැවැත්වීමට විරෝධතා දැක්වුණු බැවින් පොලිස් ස්ථාන ආශ්‍රිතව ඒවා නැවැත්වීමට පහසුකම් සපයා ගැනීමට සිදුවූ බවද සිහිපත් කළේය .

කෙසේවෙතත් එහි වර්ණය, සංකේත , නම ආණ්ඩුවට මානසික වදයක් නම් තීන්දුවක් ගැනීමේ හැකියාව ඇති බවත්, තමන් පෙනී සිටියේ ජනතාව අතර විශ්වාසය දිනාගත්, සන්නාමයක්ව ඇති සුවසැරිය සේවාවේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කර සිටියේ ය.

Related posts

මෙරට PCR පරීක්ෂ‌ණ ගණන එක් ලක්‍ෂ පන්දහස ඉක්මවයි

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.

Editor O

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්න

Mohamed Dilsad

Leave a Comment