Trending Newsඑසැන පුවත්දේශීය

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

බද්දේගම විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ගැනීම සඳහා පැවති නිලවරණයෙන් සමගි ජනබලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය දුන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කර තිබේ. බද්දේගම විවිධ සේවා සමූපකාර ප්‍රධාන කාර්යාලයේ දී නිලවරණය 11 වෙනිදා පැවැත්වින.

එහිදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කරමින් නිලවරණයට ඉදිරිපත් වූ බුවනෙක නානායක්කාර මහතා ප්‍රමුඛ කණ්ඩායමට අධ්‍යක්ෂ මණ්ඩලයේ සභික ධූර 07න් 05ක් ලැබිණ. එයට අමතරව, වයස 35ට අඩු සභික ධූරයක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට නිතරඟයෙන් හිමිවූ අතර, වයස 35ට අඩු සභිකයන් දෙදෙනෙක් නම් කළ යුතු වුවද, ඒ සඳහා ඉදිරිපත්ව සිටියේ එක සභිකයෙකි. ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලයේ සභික ධූර 07න් හයක් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට හිමිවූ අතර, ඉතිරිව ඇති වයස 35ට අඩු සභික ධූරයද මහා සභා රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂයෙන් පත් කර ගැනීමට නියමිත බවද සඳහන්. නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බුවනෙක නානායක්කාර, මංජුල ලියනගේ, ජගත් සංජීව, මහින්ද ගුරුගේ, මහින්ද නානායක්කාර, රිද්මි චමුදිකා (වයස18-35 නිතරඟයෙන්) යන නිලධාරීන් අධ්‍යක්ෂ මණ්ඩලයට තේරී පත්වූහ.

ජාතික ජන බලවේගය සහය දෙන කණ්ඩායමට, බද්දේගම විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එක සභික ධූරයක්වත් දිනා ගැනීමට නොහැකිවිය.

Related posts

Mother found hanged with son in Balangoda

Mohamed Dilsad

2020 උසස් පෙළ ප්‍රථීඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

Road accident cost two Policemen lives in Galgamuwa

Mohamed Dilsad

Leave a Comment