Trending Newsඑසැන පුවත්දේශීය

රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ස්වාධීන රූපවාහිනීයට එන්තරවාසියක්

ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති වැඩසටහනකින් සහ උදෑසන පුවත්පත් වැඩසටහනකින් තමන්ට සිදු කර ඇති අපහාසයකට වන්දි ලෙස දින 14 ඇතුලත රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා හිටපු ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ස්වාධීන ‍රූපවාහිනී සේවයට එන්තරවාසියක් යවා තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් පවත්වනු ලැබූ පුවත්පත් සාකච්ඡාවක ඇතුලත් වූ අපහාසත්මක කරුණු 2025 ජනවාරි 09 වැනිදා පුවත් විකාශන මගින් ද, 2025.ජනවාරි 10 වැනිදා උදෑසන ‘පත්තරෙන් එහා’ වැඩසටහන සහ එහි නිවේදකයා විසින් සිදු කරන ප්‍රකාශ මගින් ද සිය කීර්ති නාමයට හානියක් සිදු වූයේ යැයි එන්තරා වාසියේ දැක්වේ.

සමන්ත විද්‍යාරත්න සහ ස්වාධීන රූපවාහිනී වැඩසටහනේ ‘අන්තර්ගත වචන, ප්‍රකාශණ සහ පාඨ අසත්‍ය වන අතර, එම චවන, ප්‍රකාශණ සහ පාඨ එනයින්ම අපහාසාත්මක වන බවත්, එසේම වක්‍රෝක්තියෙන් ද පැමිණිළිකරු කෙරෙහි අපහාසාත්මක වන බවත්, විත්තිකරු විසින් ඉහත සඳහන් මාධ්‍ය සාකච්ඡාවේදී වචන, පාඨ සහ ප්‍රකාශයන් ප්‍රකාශයන්ට පත් කරන ලද බව එන්තරවාසියේ දැක්වේ.   

එම කරුණු ස්වාධීන රූපවාහිනිය විසින් විකාශනය කර, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය මගින් විකාශනය කර ලක්කොට බෙදා හරින ලද්දේ ද, පැමිණිළිකරු කෙරෙහි වන ප්‍රකාශිත ද්වේශයෙන් බවත් පීඩන චේතනාවෙන් බවත්, එමගින් පැමිණිළිකරු ශ්‍රී ලංකාවේ මහජනතාව සහ පොදු සමාජය ඉදිරියේ දූෂීතයෙකු වංචනිකයෙකු සහ අපචාරියෙකු බව හුවා දක්වමින් ශ්‍රී ලාංකික සමාජය තුළ වෛරයට අප්‍රසාදයට අවමානයට පිලිකුළට සහ අපහාසයට ලක් කිරීමේ අදහසින් බව’’  එන්තරවාසියේ දැක්වේ.

Related posts

උතුරේ පුරාවිද්‍යා භූමි, නාම පුවරු ගලවා කුණු ලොරිවල පටවයි…; (වීඩියෝ)

Editor O

முள்ளிவாய்க்கால் நினைவேந்தல் வாரம் ஆரம்பம்

Mohamed Dilsad

Police investigate death of ten-month old twins

Mohamed Dilsad

Leave a Comment