Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති කෙහෙලියට අධිචෝදනා ගොනු කරයි

අමාත්‍ය ධූර දරමින් සිටි අවධියේ පුද්ගලික කාර්ය මණ්ඩලයට හිතවතුන් 15ක් බඳවා ගෙන ඔවුන්ට ගෙවූ වැටුප් සහ අතිකාල දීමනා ලෙස රු. ලක්ෂ අසූවකට අධික මුදලක් ලබාගෙන රජයට පාඩු කර දුෂණය නමැති වරද කර ඇතැයි චෝදනා එල්ල කරමින් අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

එම පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ ඊයේ (10) කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිෂම එම දැනුම් දීම සිදුකර ඇත.

ඒ අනුව හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල,කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ පුද්ගලික ලේකම්ව සිටි ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය අමාලි නයනිකා රඹුක්වැල්ල සහ නිවසේ සේවිකාව වූ නිපුනි ක්‍රිස්ටජිනා නමැති අයට එරෙහිව අධි චෝදනා ගොනු කරනු ඇති.

මේ අතර පැමිණිල්ලේ තුන්වන සැකකරු ලෙස නම් කර සිටි හිටපු ඇමතිගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වූ නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්තා රජයේ සාක්ෂිකරුවෙක් ලෙස නම් කර ඇති හෙයින් ඔහුව මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නඩුව යළි ලබන ජනවාරි 16 කැඳවීමට නියමිත අතර එදිනට එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් කොමිෂමට නියෝග කර ඇත.

Related posts

2020-ம் ஆண்டில் கல்லீரல் நோயினால் உயிரிழப்பு அதிகரிக்கும்

Mohamed Dilsad

New Secretaries to Ministries appointed

Mohamed Dilsad

ජනාධිපති අනුර කරන ප්‍රකාශවලට පදනමක් නැහැ | ආණ්ඩුවේ අසමත් බව වසා ගැනීමට විපක්ෂයට චෝදනා කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment