Trending Newsඑසැන පුවත්දේශීය

කිලෝමීටර් 3න් 3ට පාසල් හදන බවක් අනුර දිසානායක කවදාවත් ප්‍රකාශ කර නැහැ – නලින්ද ජයතිස්ස

තම පාලනයක් යටතේ කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බව ජනාධිපති අනුර දිසානායක මහතා කෙදිනකවත් පවසා නැතැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ කිලෝමීටර් තුනක් ලෙස පැවසෙන දේ වෘත්තයක අරය මෙන්ම විශ්කම්භය ලෙසද ගත හැකි බවයි.

එසේ නොමැතිව කිලෝමීටර් තුනෙන් තුනෙන් තුනට පාරවල් හදන පාසල් හදන බවත් කිසි දිනක කියා නැතයිද ඔහු පැවසුවේය.

දරුවෙකුට කිලෝ මීටර තුනක උපරිම දුර සීමාවක් යටතේ පාසලක් ලබාදීම යන්නෙන් කීම, කිලෝ මීටර් තුනෙන් තුනට පාසල් හදන බවක් අදහස් නොවන බවද ඔහු කියා සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ විමසූ පැනයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ අනුර දිසානායක මහතා ඒ බව ප‍්‍රකාශ කරන හඬ පටයක් ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය  ලබා  දෙන  ලෙසයි.

Related posts

எதிர்வரும் பொது தேர்தலில் ஸ்ரீ.பொ.பெ கட்சிக்கு 127 பாராளுமன்ற உறுப்பினர்கள் கிடைப்பார்கள்- டிலான் [VIDEO]

Mohamed Dilsad

No activities against Indian interests in SL -Navy Chief

Mohamed Dilsad

ආණ්ඩු හදන්නෙත්, ආණ්ඩු පළවා හරින්නේත් ජනතාවයි – පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් රට වෙනුවෙන් යුතුකම් ඉටු කරනවා. – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment