Trending Newsඑසැන පුවත්දේශීය

රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් පාසල් සිසුන් 7 දෙනෙක් රෝහලට

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ.

රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කර සිටිති. .

විද්‍යාගාරය තුළ විසිරී තිබුණු රතු පැහැගැන්වූ ද්‍රව්‍යයක් මෙම දරුවන් මිරිස් කුඩු යැයි සිතා දිව මත ගා රස බලා ඇති බව අනාවරණය වී ඇත.

දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සිසුන්ගේ මුඛයට ගෑවී ඇත්තේ යකඩ හඳුනාගැනීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් බවය.

මේ වනවිට දරුවන් ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉදිරි විමර්ශන සිදුකෙරේ.

Related posts

ராஜிதவை கைது செய்யுமாறு CID இற்கு பணிப்பு [VIDEO]

Mohamed Dilsad

றப்பர் தொழிற்சாலையொன்றில் திடீர் வெடிப்பு சம்பவம்

Mohamed Dilsad

සරසවි සිසුවියගේ ඝාතනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment