Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවේ රැස්වීමකට කර තිබූ සැරසිලි , ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ගලවලා : පොලීසිය ට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද කුරුණෑගලදී පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීමක් සම්බන්ධයෙන් බාධා කිරීම් පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ කුරුණෑගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදීය.

එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ල.පො.පෙ. පළාත් පාලන නියෝජිතයින් සහ කොට්ඨාස ක්‍රියාකාරීන්ගේ හමුවක් ලෙසිනි.

රැස්වීම සඳහා අවශ්‍ය සැරසිලි කටයුතු ඊයේ රාත්‍රියේදී එම ස්ථානය ආසන්නයේ සිදුකර තිබී ඇත.

කෙසේ වෙතත්, අදාල පැමිණිල්ලට අනුව, එලෙස සවිකර තිබූ ශ්‍රී ල.පො.පෙ. කොඩි ඇතුළු සැරසිලි කණ්ඩායමක් විසින් ගලවාගෙන ගොස් ඇත.

මෙම සැරසිලි ඉවත් කර ඇත්තේ කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයා ඇතුළු පිරිසක් විසින් බවට චෝදනා කරමින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

අදාළ පැමිණිල්ල පොලිසිය වෙත සිදු කර ඇත්තේ එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ල.පො.පෙ. හිටපු සභාපතිවරයා විසිනි.

Related posts

“ඔබතුමා ඔහොම ඉන්න – ඔබතුමා දේශපාලනයට නම් එන්න එපා – මොකද ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ”

Mohamed Dilsad

வாக்குமூலம் வழங்க முன்னிலையான நலின் பண்டார

Mohamed Dilsad

பெண் கொலை – பொலிஸ் உத்தியோகத்தர்ககள் பணி நீக்கம்

Mohamed Dilsad

Leave a Comment