Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට නිකුත් කරන ලද අවසාන නිවේදනයකින් අනතුරුව, ගාසා තීරය සඳහා වන අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙසට ජනාධිපති ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයට නියෝග කර ඇති බවයි.

ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, සාමය සඳහා වූ ‘ට්‍රම්ප්ගේ සැලැස්ම’ වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමග කටයුතු කරන බවය.

අමෙරිකානු ජනාධිපතිවරයා ඊයේ (3) සිය ‘Truth’ අවකාශයේ සටහනක් තබමින් හමාස් සංවිධානයට අනතුරු අඟවා සිටියේ, එළඹෙන ඉරිදා (05) ග්‍රිනිජ් වේලාවෙන් 22:00ට, එනම් වොෂින්ටන් වේලාවෙන් ප.ව. 6 වන විට සාම සැලැස්මට එකඟවිය යුතු බවය.
මෙම සැලැස්මේ පළමු පියවර යටතේ, වහාම සටන් නැවැත්වීම, හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීම, මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් තුළ භාරදීම,ඒ වෙනුවෙන් ඊශ්‍රායලය භාරයේ සිටි ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීම ඇතුලත් ය.

මෙම එකඟතාවයට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බව ට්‍රම්ප් සිය සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

ඒ අනුව, වසර 2කට ආසන්න යුද්ධය අවසන් කරමින්, 2023 ඔක්තෝබර් 7 වන දින ප්‍රහාරයෙන් අල්ලා ගත් ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබාදීමට හමාස් සංවිධානය පිළිගෙන ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ ප්‍රධාන යෝජනාවක් වන හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, ගාසා පාලනයෙන් ඉවත්විය යුතු බවත් වන යෝජනාවන් සම්බන්ධයෙන් හමාස් සංවිධානය අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 2036 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Arrests in Europe over plot to attack Iran Opposition conference in Paris

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 72 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment