Trending Newsඑසැන පුවත්දේශීය

මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!

මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් ලබාගෙන ඇති රුපියල් කෝටි 31000ක පමණ  අධික ණය මුදල් ප්‍රමාණය ගෙවීම ලොකු අර්බුදයක්  බවට පත්ව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් එම ණය මුදල් ගෙවීමට  අයවැයෙන් වෙන් කර ඇති රුපියල් කෝටි 3600 ගැනීම සදහා පාර්ලිමේන්තුවේ අනුමැතිය  ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.

මෙම පරිපූරක ඇස්තමේන්තුව  එම කාරක සභාවේදී  සලකා බැලීමෙන් පසුව අනුමත කෙරිණ

මේ අතර ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් හා දේශීයව දැනට  ලබාගෙන ඇති ණය  ප්‍රමාණ පිළිබඳව මුදල්  කාරක සභාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන්ගෙන් විමසා සිටියේය.   

විදේශ ණය ඩොලර් කෝටි 3700  ක්ද  රුපියල්වලින් ගත්  ණය කෝටි 19 ලක්ෂයක්ද ගෙවීමට පවතින බව  එම නිලධාරීහු  පෙන්වා දුන්හ.

මෙහිදී  මේ වසරේ ගෙවීමට ඇති ණය වාරික ප්‍රමාණය පිළිබඳව කාරක සභාභාපතිවරයා  නිලධාරීන්ගෙන් විමසා සිටි නමුත් අදාළ  සංඛ්‍යා දත්ත ඔවුන් සතුව ඒ මොහොතේ නොතිබීම පිළිබඳව සභාපතිවරයා නොසතුට පළකළේය.

ණය  ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වනවිට සම්පුර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හරහා  සිදුවීම හේතුවෙන් ඒ සඳහා නිපුණතාවෙන් යුතු නිලධාරීන් බඳවාගැනීමේ වැදගත්කමද  මෙහිදී කාරක සභා සභාපතිවරයා සිහිපත් කළේය.

මේ රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන රවී කරුණානායක, සුනිල් රාජපක්‍ෂ,  නිශාන්ත ජයවීර යන මහත්වරුද සහභාගි වූහ.

මූලාශ්‍රය – ලංකාදීප

Related posts

කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

Mohamed Dilsad

Trump says summit with North Korea’s Kim Jong-un may be delayed

Mohamed Dilsad

GSP+ Vote A Positive Step For SL- Samarasinghe

Mohamed Dilsad

Leave a Comment