Trending Newsඑසැන පුවත්දේශීය

පිළිකා රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාරවලට දීර්ඝ පෝලිම් : ජීවිත අවදානම ඉහළට

මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ පිළිකා වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන රෝහල් රැසක නවතම පිළිකා වෛද්‍ය ප්‍රතිකාර වලට ලක්වීම සඳහා පහසුකම් සීමා වීම නිසා පිළිකා විකිරණ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පොරොත්තු ලේඛනවල රැඳී සිටීමට සිදුවන ප්‍රමාණය ඉහළ යාමෙන් එම රෝගීන්ගේ ජීවිතාව තුළට පත්වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

දැනටමත් රෝගීන් පෙන්වා දෙන අන්දමට මාරගම පිළිකා රෝහලේ අයිඩින් වෛද්‍ය ප්‍රතිකාරය සඳහා මාස හයකට පමණ කාලසීමාවක් බලා සිටීමට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

මේ අන්දමට පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනව රැඳී සිටින විට පිළිකාව වර්ධනය වී රෝගී මිය යාමේ අව තහනම ඉහළ යන බවද සඳහන් කරන අතර මුදල් ඇති රෝගීන් පමණක් පෞද්ගලික අංශයේ ඉතා ඉහළ මිල ගණන් ගෙවා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවද සඳහන් කරයි.

අලුතෙන් පිළිකා වෛද්‍ය ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීම සඳහා භාණ්ඩාගාරයේ සහ ආසියානු සංවර්ධන බැංකුව මුදල් වෙන් කොට ඇතත් එම ප්‍රසම්පාදන යාන්ත්‍රණ වල පවතින ප්‍රමාදය නිසාද රෝගීන්ට නවත්තම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ අපහසුතා නිර්මාණය වී පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව ඇතැම් පිළිකා ඹෘෂධ, CT , MRI, CT cardiac angiogram පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම් සීමා වීම නිසාද අදාළ වෛද්‍ය ප්‍රතිකර්ම හා ශල්‍යකර්ම බලාපොරොත්තුවෙන් සිටින රෝගීන්ගේ ජීවිත අවධානයට පත්වීම ඉහළ ගොස් ඇති අතර මේ සම්බන්ධව කඩිනමින් ජනාධිපතිවරයාගේ යොමු යුතු බවද ඔහු සඳහන් කරයි.

Related posts

Priyanka Chopra to be jury member of Tribeca Film Festival 2017

Mohamed Dilsad

“Youth moving away from politics”- says Premier Ranil

Mohamed Dilsad

වාහනවල දුම් පරීක්ෂාව නව ක්‍රමවේදයකට

Mohamed Dilsad

Leave a Comment