Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුරගේ වැය ශීර්ෂය සියයට 300%කින් ඉහළ ට

වැඩ බලන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, අනිල් ජයන්ත විසින් 2026 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය සැප්තැම්බර් 26 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

අයවැය ඉදිරිපත් කිරීමේ පළමු පියවර වන මෙය, තුන්වරක් කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර හඳුන්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.

මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර දිසානායක ඒ වන විට විදේශගතව සිටි බැවින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසිනි.

අනුර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්‍රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.

කෙසේවෙතත් 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහල ගොස් තිබේ. එය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩි වීම කි.

කෙසේවෙතත් අග්‍රමාත්‍ය වැය ශීර්ෂය 2025 අයවැයට සාපේක්ෂ ව අඩු වී තිබේ.

මෙවර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යි.

එම මුදල රු. බිලියන 634.78කි.

දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.

බීබීසි

Related posts

SLR signs agreement with Prima Company

Mohamed Dilsad

ලාංකිකයින් 61ක් ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

විජයග්‍රහණයේ සැමරුම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment