Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යෑම අසීරු තැනකට ; සියයට 1.75%ක, ලැබෙන වට්ටම ප්‍රමාණවත් නැහැ.

ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අවධාරණය කරන්නේ, දැනට තමන්ට ලැබෙන 1.75%ක ඉතා අඩු කොමිස් මුදල හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාම තවදුරටත් කළ නොහැකි බවයි.

පිරවුම්හල් නඩත්තු කිරීමේ සහ සේවක වැටුප් ගෙවීමේ වියදම් පියවා ගැනීමට මෙම මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින්, ඉදිරියේදී තම ව්‍යාපාර වසා දැමීමට සිදුවනු ඇතැයි ඔවුහු අනතුරු අඟවති.

සංගමයේ සාමාජිකයෙක් කියා සිටියේ, මෙම අසීරු තත්ත්වය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැහැදිලි කිරීමට උත්සාහ කළද, ඔවුන් එය තේරුම් ගැනීමට කිසිදු උනන්දුවක් නොදැක්වූ බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ අගමැතිනි හරිනි අමරසූරියට නිල වශයෙන් ලිපි යොමු කර තිබේ.

බෙදුම්කරුවන් පෙන්වා දෙන්නේ, සියලුම ඉන්ධන සැපයුම්කරුවන් රජයේ උපරිම සිල්ලර මිලට අලෙවි කළද, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව , අනෙකුත් තරඟකාරී සැපයුම්කරුවන්ට සාපේක්ෂව තම පිරවුම්හල් හිමියන්ට සැලකිය යුතු තරම් අඩු කොමිස් මුදලක් ගෙවන බවයි.

තවදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ, මේ නිසා CPC විසින් බෙදුම්කරුවන්ගේ වියදමින් දැවැන්ත ලාභයක් උපයමින් සිටින බවයි.

පිරවුම්හල් හිමියන්ට ලැබෙන මෙම කොමිස් මුදල ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වන අතර, සියලු මූල්‍යමය හා පරිපාලන වියදම්, සේවක වැටුප් සහ අගය එකතු කළ බදු (වැට්) වැනි බැඳීම් පියවා ගැනීමට ඇත්තේ එම මුදල පමණි. CPC මගින් කොමිස් මුදල අඩු කිරීම නිසා බොහෝ පිරවුම්හල් ව්‍යාපාර දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද සංගමය අවධාරණය කරයි.

එබැවින්, වත්මන් කොමිස් ව්‍යුහය නැවත සලකා බලා සාධාරණ ලෙස නිවැරදි කරන ලෙස හෝ, එසේ නොහැකි නම්, තරගකාරී ඛනිජ තෙල් සැපයුම්කරුවන් සමඟ ගනුදෙනු කිරීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට අවසර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටී.

Related posts

“New alliance before end of August” – Premier Ranil

Mohamed Dilsad

කථානායකවරයා මුලසුනින් නැගිට යයි (update)

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

Leave a Comment