Trending Newsඑසැන පුවත්දේශීය

වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුර / වෘත්තීය සඳහන් කිරීම තහනම්

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ වෛද්‍ය, නීතිඥ ඇතුළු විවිධ වෘත්තීන්වලට අදාළ ලාංඡන ප්‍රදර්ශනය කිරීම නීත්‍යනුකූල නොවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෝටර් වාහන පරීක්ෂක ප්‍රභාත් රාජතේවගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ නීත්‍යනුකූලව ප්‍රදර්ශනය කළ හැකිවන්නේ ආදායම් බලපත්‍රය පමණක් බවයි. 

ඒ අනුව වෛද්‍යවරු, නීතිඥවරු ඇතුළු වෘත්තිකයන් සිය වෘත්තියට අදාළව ප්‍රදර්ශනය කරන ලාංඡන මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ ඇලවීම නීත්‍යනුකූල නොවේ.

මෙයට අමතරව වීදුරුවේ ඉහළින් පහෙන් එකක ප්‍රමාණයක් පමණක් ඉර එළිය වැළැක්වීම සඳහා අඳුරු කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය

Related posts

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන රිෂාඩ්ගෙන් ඉල්ලීමක්

Editor O

உலக கோப்பை கால்பந்து போட்டி இன்று தொடக்கம்

Mohamed Dilsad

රජයේ රෝහල්වල හෙද හෙදියන් අද සහ හෙට අසනීප වෙයි

Mohamed Dilsad

Leave a Comment