Trending Newsඑසැන පුවත්දේශීය

මොංගෝලියා ආරක්ෂක උපදේශක ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකාවේ මොංගෝලියානු ආරක්ෂක උපදේශක කර්නල් ඔඩසුරෙන් සයාට් මහතා සහ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර අතර හමුවක් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කර්නල් ඔඩසුරෙන් සයාට් මහතා ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සුහද සාකච්ඡාවක නිරත වී තිබේ.

එමෙන්ම කර්නල් ඔඩසුරෙන් සයාට් මහතා,  ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ද හමු වී ඇත.

එහිදී ආරක්ෂක සහයෝගීතාව සහ හුවමාරුව යන ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

මෙම හමුවීම් මොංගෝලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඵලදායි හා සාර්ථක ඉදිරි පියවරක් සනිටුහන් කළේය

Related posts

பிரபாசுடன் இணையும் அனுஷ்கா…

Mohamed Dilsad

Easter bombings in Lanka likely to be NIA’s first case post amendment of Act

Mohamed Dilsad

சர்வதேச சுற்றுலா ஆராய்ச்சி மாநாடு கொழும்பில் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment