Trending Newsඑසැන පුවත්දේශීය

නවීන ආරක්ෂක ක්‍රමවේද සහිත වාහන අංක තහඩු නොවැම්බර් මාසයේදී…

නවතම ආරක්ෂක ක්‍රමවේද සහිත නවීන තාක්ෂණයෙන් යුත් නව අංක තහඩු නොවැම්බර් 15 වනවිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද (26) පාර්ලිමේන්තුවේ ඔහු මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසා සිටියේ, මේ වනවිට අංක තහඩු නොමැති වාහන ප්‍රමාණයක් වෙළෙදපොළ තුළ පවතින බවය.

එමෙන්ම පෙර පැවති වෙළෙඳ සමාගම් මෙන්ම දේශපාලන ක්‍රියාවන්හි දූෂිතභාවය හා වගකීම් විරහිතභාවය නිසා මෝටර් රථ දෙපාර්තමේනතුව වසර 10ක් වැනි කාලයක් දියුණු නොවී පවතින බවද පැවසීය.

නව රියදුරු බලපත්‍රයක්ද සකස් කරන බවත්, අංක තහඩු නොමැති වාහන සඳහා එළැඔන සතියේ දී තාවකාලික විසදුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුර සඳහන් කළේය.

Related posts

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය වරදක් නොවන බව අභියාචනාධිකරණයේදී අනාවරණ වෙයි

Mohamed Dilsad

Won’t protect perpetrators- JVP

Mohamed Dilsad

மஹிந்த உட்பட முன்னாள் அமைச்சரவைக்கு எதிரான மனு வாபஸ்…

Mohamed Dilsad

Leave a Comment