Trending Newsඑසැන පුවත්දේශීය

රට තුළ අලුතින් කර්මාන්ත ශාලා රැසක් – පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්

රටේ තුළ මේ වසරේ අලුතින් කර්මාන්තශාලා ඇතිව තිබෙන්නේ මත් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලා ලෙස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේද කීවේය. වසර ගත්තොත් මේ වසර තුළ මේ රටේ අලුතින් කර්මාන්ත ශාලා ඇති වෙච්ච බවට යම්කිසි තොරතුරක් ලැබෙනවා. ඒ අලුතින් කර්මාන්තශාලා ඉදිවෙලා තියෙන්නේ අපි දැක්කා ප්‍රවෘත්තිවල පෙන්නුවා වැලිගම ප්‍රදේශයේ අලුත් කර්මාන්ත ශාලාවක්. මත් ද්‍රව්‍ය කර්මාන්ත ශාලා අලුතින් මේ රටේ ඇතිවෙලා තියෙනවා. අපි දන්නවා මීට කලිනුත් මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර තිබුණා. හැබැයි මීට කලින් මත්ද්‍රව්‍ය උවදුර තියෙනකොට ඒවා මැඩලන්න අවශ්‍ය නීති රීති ගෙනාවා. ඒ වගේම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තා. නමුත් මීට පෙර මේ රටේ මත් ද්‍රව්‍ය උවදුර තිබුණේ මත්ද්‍රව්‍ය අහුවුණේ කිලෝ ගණනින්. හැබැයි ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කන්ටේනර් ගණනින් මත්ද්‍රව්‍ය අහුවෙන යුගයක් බිහිකරන්නට මේ ආණ්ඩුව සමත්වෙලා තියෙනවා.” යනුවෙන් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

பல்கலைக்கழக மானியங்கள் ஆணைக்குழுவிற்கு முன்னால் ஆர்ப்பாட்டம்

Mohamed Dilsad

TNA විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

புலமைப் பரிசில் பரீட்சை கட்டாயம் இல்லை

Mohamed Dilsad

Leave a Comment