Trending Newsඑසැන පුවත්දේශීය

සීනිමෝදර අයිස් ලොරියේ හිමිකරු රඳවාගෙන ප්‍රශ්න කිරීම⁣ට නියෝගයක්

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍යය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අංක LP 3307 අංකය සහිත ලොරි රථයේ හිමිකරුව එළැඹෙන 29 වනදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ගල්කිස්ස පොලීසියට නියෝග කර තිබේ.

සැකකරු වලව්වත්ත, ශ්‍රී ධර්මාරාම පාර රත්මලාන ලිපිනයේ පදිංචිව සිට ඇත.

අංක 43, කොටඹගහවතුගොඩ, සීනිමෝදර නැගෙනහිර, තංගල්ල ලිපිනය සහිත නිවසේ පුද්ගල මළසිරුරු දෙකක් හමු වු නිවස ආසන්නයේ තිබී මද්‍රව්‍ය සඟවා තිබූ මෙම  ලොරි රථය පොලීසිය විසින් ඊයේ (22) සොයාගනු ලැබීය.

ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලාධාරීන් විසින් එම ලොරි රථයේ හිමිකරු වන මෙම පුද්ගලයාව හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11යි මිලිග්‍රෑම් 140ක් සමග අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස්ථානය වෙත ඉදිපත් කර තිබුණි.

පසුව අද (23) සැකකරුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙම නියෝගය ලබා දී ඇත

.

Related posts

එක්සත් රාජධානිය විසින් මෙරටින් රැගෙන ගිය පුරා වස්තු රැසක් යළි මෙරට ගෙන්වා ගන්නවා – අමාත්‍ය විදුර වික්‍රමනායක

Editor O

Sri Lanka Cricket to offer domestic player contracts for 103 First Class Cricketers

Mohamed Dilsad

PM Ranil re-elected as UNP leader

Mohamed Dilsad

Leave a Comment