Trending Newsඑසැන පුවත්දේශීය

ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම   එක්ස්ප්‍රස් ෆීඩර් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම   එක්ස්ප්‍රස් ෆීඩර් නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන ලෙස නියෝග කර තිබුණි.

එම වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් ය.

ඊට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයෝ හෙට (01) ලංකාවට

Editor O

Severe traffic congestion at Ward Place

Mohamed Dilsad

රිෂාඩ් නිදහස් කරන්නැයි බල කරමින් අදත් උද්ඝෝෂණ දියත් වෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment