Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ග රටට අවශ්‍යයි -ඇමති සුනිල් හඳුන්නෙත්ති

අධිවේගී මාර්ග පද්ධතිය ඉක්මනින් ගොඩනැඟීමට සිය ආණ්ඩුව වෙහෙසෙන්නේ ප්‍රවාහන පද්ධතිය රටක රුධිර සංසරණ පද්ධතිය වැනි නිසා බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කොළඹ සිට යම් ආයෝජකයෙකුට නුවරට යෑමට පැය තුනක් ගතවන්නේ නම් එහි වටිනාකම ඔහු ගණනය කරන්නේ ඩොලර්වලින් බව ද ඇමතිවරයා පෙන්වා දෙයි.

පසුගිය ආණ්ඩු සමයේ තමන් විරුද්ධ වූයේ අධිවේගී මාර්ගවලට විරුද්ධ නොව එහි සිදු වූ නාස්තියට බව ද ඇමති හඳුන්නෙත්ති ප්‍රකාශ කරයි.

හම්බන්තොට වරායක් සහ ගුවන්තොටුපළක් හැදුව ද ඊට සමගාමීව කර්මාන්ත ආරම්භ කර නොමැති බවත් කිසිදු සැලැස්මක් නොමැතිව ඒවා ආරම්භ කළ නිසා එම සැලැස්මට මස් පිරවීමට සිදුව ඇත්තේ තම ආණ්ඩුවට බවත් ඔහු සඳහන් කරයි.

ඇමති සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළේ, ජාතික රූපවාහිනියේ සංවාදයකට එකතු වෙමිනි.

Related posts

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

Editor O

இந்தியாவில் ஒரே குடும்பத்தினர் 11 பேர் சடலமாக மீட்பு

Mohamed Dilsad

துப்பாக்கி மற்றும் ரவைகளுடன் நபரொருவர் கைது

Mohamed Dilsad

Leave a Comment