Trending Newsඑසැන පුවත්දේශීය

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

දේශපාලන ක්‍රියාකරුවෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධව අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඇතුළු තිදෙනා රඳවා ප්‍රශ්න කිරීම සඳහා කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) අවසර ලබා දී තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයා, ඔහුගේ අනියම් බිරිඳ බව පැවසෙන කාන්තාව සහ ඔවුන්ට රැකවරණය ලබා දුන් බව පැවසුවෙන පුද්ගලයෙකුය.

කෑගල්ල රංවල ප්‍රදේශයේ පවතින රාත්‍රි සමාජ ශාලාවක මෙම සැකකරු සිටින බවට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ලද තොරතුරක් මත අදාළ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත්තේ සැකකරු සිය අනියම් බිරිඳ සමගින් මසකට රුපියල් 60,000ක මුදලක් ගෙවා කුලී  පදනම මත කාමරයක් රැගෙන මාස තුනක කාලයක් රැඳී සිට ඇති බවය.

අදාළ කාමරය ලබාදුන් පුද්ගලයා අද (20) දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අනෙක් සැකකරුවන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මහෙස්ත්‍රාත් නියෝග කළාය.

සියලු සැකකරුවන් එළැඹෙන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත් නියෝග කළාය

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

සංචාරක වීසා ගාස්තුවල වෙනසක්

Mohamed Dilsad

வாக்குச்சீட்டுகளை அரச நிறுவனங்களுக்கு விநியோகிக்க நடவடிக்கை

Mohamed Dilsad

Leave a Comment