Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පලස්තීන ප්‍රශ්නය පිළිබඳ යෝජනාව ශ්‍රී ලංකාව පිළිගනී

පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම පිළිබඳ නිව්යෝර්ක් ප්‍රකාශනය අනුමත කරන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කිරීම ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක් වුණේ මෙම වැදගත් මුලපිරීම සඳහා නායකත්වය දුන් සෞදි අරාබියට සහ ප්‍රංශයට අවංක කෘතඥතාව පළ කරන බවයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ සහ අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවල අරමුණු සහ මූලධර්මවලට අනුකූලව, පලස්තීන ජනතාවගේ රාජ්‍යත්වයට ඇති අහිමි කළ නොහැකි අයිතිය සඳහා ශ්‍රී ලංකාව සිය නොසැලෙන සහයෝගය නැවත තහවුරු කරන බව ද එම නිවේදනයේ සදහන්.

Related posts

Pakistan make changes for Women’s World Cup

Mohamed Dilsad

President returns from the US

Mohamed Dilsad

Deadline for postal voting applications, today

Mohamed Dilsad

Leave a Comment