Trending Newsඑසැන පුවත්දේශීය

සුජීව සේනසිංහ සහ අබ්දුල් වාහිද් යන මන්ත්‍රීවරු කාරක සභා කිහිපයකට පත් කරති.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එම්.එස්. අබ්දුල් වාහිද් සහ සුජීව සේනසිංහ යන මහත්වරුන් කාරක සභා කිහිපයක සාමාජිකයන් ලෙස නම් කළ බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා ,අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ,නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ,සෞඛ්‍ය සහ ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 හි විධිවිධාන ප්‍රකාරව, පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (10) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම 2025 මාර්තු 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 125 හි විධිවිධාන ප්‍රකාරව, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කළේය.

Related posts

UAE issues updated travel advisory for Sri Lanka ahead of Eid holidays

Mohamed Dilsad

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ලංකාවට ඇති අත්දැකීම් බෙදාගැනීම අපේක්ෂාවයි [VIDEO]

Mohamed Dilsad

Mahinda Rajapakse summoned before the PRECIFAC

Mohamed Dilsad

Leave a Comment