Trending Newsඑසැන පුවත්දේශීය

නේපාලයේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ නිවේදනයක්

නේපාලයේ ඇතිවී තිබෙන තත්ත්වය, ප්‍රජාතන්ත්‍රවාදයට කළ විශාල අගෞරවයක් බව ද රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

නේපාල පාර්ලිමේන්තුවට, අධිකරණයට ගිනිතැබීම ඇතුළු සියලුම ආකාරයේ සිදුවීම් සහ මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන්..

කෙසේ වුවත් අවසානයට ඉතිරි වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයක් නොමැති නේපාලයක් බවත් රට තුළ සාමය ඇති කර ව්‍යවස්ථානුකූල ඡන්දයක් පැවැත්වීම පාලනය, බලය ගත් හමුදාවේ වගකීම බවද රනිල් වික්‍රමසිංහ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

බුදුන්වහන්සේ උපත ලැබූ නේපාලය ශ්‍රී ලංකාව සුවිශේෂී රටක් වන අතර, මෙවැනි මිලේච්ඡ ක්‍රියා කිසිසේත් අනුමත කළ නොහැකි බවද වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

එනිසා බුදුන් වහන්සේ දේශනා කළ ‘සප්ත අපරිහානී ධර්මය’ නේපාලයේ වත්මන් පාලනය ආදර්ශයට ගනු ඇතැයි අපේක්ෂා කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින්.

Related posts

கொழும்பில் இரண்டு பாதைகளில் போக்குவரத்து மட்டு

Mohamed Dilsad

சர்வதேச சுற்றுலா ஆராய்ச்சி மாநாடு கொழும்பில் ஆரம்பம்

Mohamed Dilsad

“චීන නැව හම්බන්තොටට එන්න අවසර ඉල්ලා නෑ”

Mohamed Dilsad

Leave a Comment