Trending Newsඑසැන පුවත්දේශීය

විදේශ ඇමති විජිත ජිනීවා යයි

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පෙරවරුවේ ජිනීවා බලා ගොස් ඇතැයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 06 වන සැසිය හෙට (08) ආරම්භ වීමට නියමිත අතර, එයට හේරත් අමාත්‍යවරයා සහභාගී වනු ඇත.

එහි දී අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කිකිරීමට නියමිත බව සඳහන්.

මෙම සංචාරය අතරතුර අමාත්‍ය විජිත හේරත් මහතා ඉහළ පෙළේ රාජතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු සමඟ ජිනීවා නුවර දී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් හා අමාත්‍ය විජිත හේරත් අතර විශේෂ හමුවක් ද පැවැත්විමට නියමිතයි.

වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් අනතුරුව සහ ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසරකින් පසුව පැවැත්වෙන මෙම සමුළුවේ දී මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් ඉදිරිපත් කිරීමට නියම්ත බවද සඳහන්.

මෙවර මානව හිමිකම් සැසියට අමාත්‍ය විජිත හේරත්ට අමතරව විදේශකටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් පිළිබඳව අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් මහත්මිය ද සහභාගි ⁣වනු ඇත. .

Related posts

වසර 25කට පසු කොළඹ අභ්‍යන්තර ගුවන් ගමන් තහනම ඉවතට

Mohamed Dilsad

பசறையில் இன்று அதிகாலை நடந்த கொடூரம்

Mohamed Dilsad

විභාග සඳහා පෙනී සිටින සිසුන්ට විභාග ප්‍රවේශ පත්‍රය අවසර බලපත්‍රය ලෙස යොදා ගන්න අවසර

Mohamed Dilsad

Leave a Comment