Trending Newsඑසැන පුවත්දේශීය

තිස්සමහාරාම පොලීසියේ කැබ්රථය ⁣උස්සලා

තිස්සමහාරම පොලීසියේ ජංගම පොලිස් කැබ් රථය ඊයේ (03) රාත්‍රියේ කිසිවෙකු විසින් සොරාගෙන ගොස් තිබේ.

119 දුරකථන අංකයට ලැබුණු පැමිණිල්ලක් පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු මෙම කැබ් රථයෙන් ඊයේ රාත්‍රියේ ගමන් කර ඇති අතර එහි එංජිම ක්‍රියාත්මකව තිබියදීම ඔවුන් සිව්දෙනා බැස ගොස් අදාළ පැමිණිල්ල ගැන සොයාබලමින් සිටින අතර මෙම සොරකම සිදුව ඇති බවත් සඳහන්.

එම රථය සොයා පොලීසිය විසින් දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබූ අතර පසුව එය ඇල්ලගල ප්‍රදේශයේ අතුරු මාර්ගයක අත්හැර දමා ගොස් තිබියදී හමුවූ බවත් පොලීසිය පවසයි.

කැබ් රථය සොරාගත් ස්ථානයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින් එය අතැර දමා ගොස් තිබුණු අතර එය සොයාගන්නා අවස්ථාවේදීත් එහි යතුර යතුරුකටේ තිබී ඇති බවත් වාර්තා විය.

සොරකම සිදුකළේ කවුරුන් විසින්ද යන්න පැහැදිලිවම අනාවරණය වී නොමැති අතර එංජිම ක්‍රියාත්මකව තිබියදී පොලිස් කැබ් රථය මහමග දමා ගිය පොලිස් රියදුරාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

Related posts

ADB funding for the development of the tea plantation

Mohamed Dilsad

UN concerned over attacks on religious minorities in Sri Lanka

Mohamed Dilsad

කොළඹ නගර සභාවේ බලය ගන්න, කරපු සාකච්ඡාවල ප්‍රගතිය ගැන අනාවරණයක්

Editor O

Leave a Comment