Trending Newsඑසැන පුවත්දේශීය

‍ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් ශ්‍රී ලංකාවට

‍ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් මහත්මිය අද (03) මෙරටට පැමිණීමට නියමිතයි.

ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 5වනදා දක්වා ඇය මෙරට රැඳී සිටින බවයි.

මෙම සංචාරය අතරතුරදී ඉතාලි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි මහත්මිය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සමග සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබේ.

දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාව වෙත සිදුකෙරෙන ඉහළම මට්ටමේ සංචාරය මෙය බව සඳහන්ය.

Related posts

“New constitution will resolve national issues” – Mujibur Rahman

Mohamed Dilsad

Lucion Pushparaj wins 10th WBPF World Championships held in Thailand

Mohamed Dilsad

Showers in North and East to enhance from tonight

Mohamed Dilsad

Leave a Comment