Trending Newsඑසැන පුවත්දේශීය

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

යුක්‍රේන පාර්ලිමේන්තුවේ හිටපු කතානායකවරයෙකු වූ ඇන්ඩ්‍රි පරුබියි මහතා වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදේශ මාධ්‍ය සඳහන් කරයි. .

යුක්‍රේනයේ බටහිර නගරයක් වන ලිවිව්හිදී ඔහු ඝාතනයට ලක්ව ඇත.

කුරියර්වරයෙකු ලෙස සැරසී වීදියේ සිටි පුද්ගලයෙකු විසින් ඇන්ඩ්‍රි පරුබියි වීදියේ ගමන් කරමින් සිටියදී ඔහු පිටුපසින් පැමිණ වෙඩි තබා මෙම ඝාතනය සිදුකර තිබේ.

ඝාතනය සිදුකළ ඝාතකයා සොයා මේ වන විට එරට විශේෂ විමර්ෂනයක්ද ආරම්භ කර ඇති අතර යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය සිවලු බලවේගය මේ සඳහා යොදවා ඇති බවය.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම ඝාතනය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙය බිහිසුණු මිනීමැරුමක් වන බවය.

නාඳුනන තුවක්කුකරුවෙකුගෙන් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අතර එම වෙඩි ප්‍රහාරයෙන් ඇන්ඩ්‍රි එම ස්ථානයෙන්ම ජීවිතක්ෂයට පත්ව තිබේ.

2013 වසරේ අග භාගයේදී  රුසියානු හිතවාදී හිටපු ජනාධිපති යනුකොවිච්ගේ රජය යුරෝපා සංගමය සමග ගිවිසුමක් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ආරම්භ වූ යුරෝමයිඩන් ව්‍යාපාරයේදී පරුබි ප්‍රමුඛ චරිතයක් බවට පත් විය.

පසුකාලීනව යනුකොවිච් බලයෙන් පහ කිරීමෙන් පසු ඔහු යුක්‍රේනයේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් බවටද පත්විය. 

එමෙන්ම ඔහු ජීවිතක්ෂයට පත්වන විටත් වත්මන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයෙකු ලෙසද කටයුතු කර තිබේ. 

Related posts

180 கிலோ கிராம் கேரள கஞ்சாவுடன் இருவர் கைது

Mohamed Dilsad

සතිපොළ, අවන්හල් ඇතුළු ස්ථාන කිහිපයක් හෙට විවෘත නොකරයි

Mohamed Dilsad

சகல இனத்தவரும் ஒரே கூரையின் கீழ் கல்விகற்கும் பின்புலம் உருவாக்கப்படவேண்டும்

Mohamed Dilsad

Leave a Comment