Trending Newsඑසැන පුවත්දේශීය

වෘත්තීය සමිති මර්ධනය කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීමට පෙළ ගැසෙමු – නාමල් රාජපක්ෂ

සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්ධනයට එරෙහි වීමට පෙළ ගැසෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.


රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත්, රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිති වලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ කියා සිටී.

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද පැවසූ නාමල් රාජපක්ෂ මහතා , ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොඳ සූදානමකින් පසුවන බවත් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

Related posts

සියලුම තේරීම්භාර නිලධාරීන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

பாராளுமன்றத்தில் கடுமையான குழப்பநிலை மற்றும் பதற்ற நிலை 

Mohamed Dilsad

Mahapola Scholarship still in effect – University Grants Commission assures

Mohamed Dilsad

Leave a Comment