Trending Newsඑසැන පුවත්දේශීය

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත් කෙරේ

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ තේරී පත්විය.

මෙම ධුරය සඳහා වූ නිලවරණය අද (28) පස්වරු 2ට අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී එම පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

හිමිවරුන් විසි දෙනෙකු අස්ගිරි කාරක මහා සංඝ සභාව නියෝජනය කරන අතර ඉන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී  ධර්මාචාර්ය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමිවරු මෙම ධුරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්වීමට දැහැත් ලබාදී තිබුණි.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ කටයුතු කළ පූජ්‍ය  ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිගේ අපවත්වීම හේතුවෙන් එම පාර්ශ්වයේ එක් අනුනායක ධුරයක් පුරප්පාඩුව පැවතුණි

Related posts

Rail commuters stranded due to train strike

Mohamed Dilsad

HIV used to cure ‘bubble boy’ disease

Mohamed Dilsad

Showers expected in few places today

Mohamed Dilsad

Leave a Comment