Trending Newsඑසැන පුවත්දේශීය

යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ දිනයක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රටේ ස්වාධීන අධිකරණය හමුවේ යුක්තිය සහ සාධාරණත්වය ඉටුවූ බවත් ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (26) පැවසීය.

අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නටත් පෙර සිට තීන්දු පිළිබඳව විවිධ අනාවැකි පළකර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, නීතියේ ආධිපත්‍ය තර්ජනයට ලක්කිරීමට විවිධ උත්සාහයන් ක්‍රියාත්මක වුවත් රටේ ස්වාධීන අධිකරණය හමුවේ යුක්තිය සහ සාධාරණත්වය ඉටුවූ බව විපක්ෂනායක සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අධිකරණයෙන් ඇප ලැබීමට පසුව විපක්ෂනායකවරයා මාධ්‍ය වෙත මේ බව සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරු, සමගි ජන බලවේගය ඇතුළු විවිධ විපක්ෂ දේශපාලන පක්ෂවල සියලුම දෙනාට ස්තුතිය සහ ප්‍රණාමය පුද කර සිටින බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 

තර්ජනයට බිය නොවන ලෙසත් බලපෑම්වලට ආපස්සට නොයන ලෙසත් රටේ ජනතාවට දැනුම් දෙන බව ඔහු කීවේය.

රටේ උත්තරීතර නීතිය තුළ නිදහස සහ අයිතිය තහවුරු වන බවත් විපක්ෂනායකවරයා පැවැසීය.

තමන් විශ්වාස කරන ප්‍රතිපත්ති, තමන් කැමති දේශපාලන පක්ෂ, තමන් අදහන ආගම්, සංස්කෘතික සහ අනෙකුත් සබැඳියාවන් ක්‍රියාත්මක කිරීමට නිදහස පවතින බවත් ඔහු අවධාරණය කළේය.

මොනයම් ජගතෙකුටවත් ජනතාව බිය වැද්දීමට නොහැකි බවත් විපක්ෂනායක වැඩිදුරටත් පැවසීය.

Related posts

Drug lord Joaquin “El Chapo” Guzman extradited from Mexico to US – [VIDEO]

Mohamed Dilsad

வர்த்தகர்கள் தொடர்பில் அறிவிக்க தொலைபேசி இலக்கம்

Mohamed Dilsad

අණ නොතකා ධාවනය කළ වෑන් රථයක සිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment