Trending News

අස්ගිරි අනුනායක හිමි තෝරණ නිලවරණය හෙට

පුරප්පාඩු වී පවතින අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය හෙට (28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ ඓතිහාසික පොහොය ගේ හිදී පැවැත්වේ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඤාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන නිලවරණය සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමියන් දහනව දෙනකු (19) ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටිති.

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධූරයේ වැඩ විසු ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමියන් අපවත්වීම හේතුවෙන් මෙම අනු නායක ධූරය පුරප්පාඩු විය.

මේ වන විට අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික ඓතිහාසික මහියංගණය රජමහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි හා අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී ධර්මාචාර්ය නාරම්පනාවේ ආනන්ද නා හිමි මෙම ධූරය සඳහා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට දැහැත් ලබා දී තිබේ.

පල්ලකැලේ නාලන්දා බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ මෙන්ම අස්ගිරි මහා පිරිවෙනි හිටපු පිරිවෙනාධිපති ලෙස කටයුතු කරනු ලැබුවේ නාරම්පනාවේ ආනන්ද නාහිමියන්ය.

අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකක් පවතින අතර ඉන් එක් පදවියක වර්තමානයේ වැඩසිටින්නේ වේඬරුවේ උපාලි නාහිමියන් ය

Related posts

Sajith assures to depoliticise security forces

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ කොමිෂම පවත්වාගෙන යෑමට කාර්යය මණ්ඩලය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න – නීතීඥ සංගමය

Editor O

ஈ-உள்ளுராட்சிமன்ற வேலைத்திட்டம் இன்று ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment