Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලනය සහ රාජ්‍ය පාලනයේ දී ගන්නා තීන්දු කෙසේ විය යුතුය ද..? ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගෙන් ෆේස්බුක් සටහනක්

දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් අවස්ථාවල ගන්නා තීරණ පිළිබඳ ආපසු සලකාබැලිය නොහැකි බවත්, ප්‍රඥාවෙන් තීරණ යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතු යැයි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටී.

ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කිරීමට ගත් උත්සාහය ගෙනහැර දක්වමින් මේ සටහන තබා තිබේ.

අදාළ සම්පූර්ණ සටහන මෙසේය.

රුබිකන් තරණය:

ක්‍රි.පූ. 49 ජනවාරි මාසයේදී, ගෝල්හි ආණ්ඩුකාරවරයා වූ ජුලියස් සීසර්, රෝමයේ සෙනෙට් සභාවේ නියෝග නොතකමින්, තම හමුදාව සමඟ රුබිකන් නදිය තරණය කළේය.

රුබිකන් නදිය තරණය කළ පසු ආපසු හැරීමේ හැකියාවක් නොවීය. එය නොආපසු හැරෙන සීමාව විය. 

එහි ප්‍රතිඵලය වූයේ සිවිල් යුද්ධයක් වන අතර, අවසානයේ ජුලියස් සීසර්ගේ ජයග්‍රහණයෙන් එය නිමා විය. මෙම සිදුවීම විසින් “රුබිකන් තරණය” හෝ “ආපසු හැරෙන සීමාව තරණය” යන යෙදුම බිහි කළේය.

දේශපාලනයේ හෝ පාලනයේ ඇතැම් මොහොතවල් “රුබිකන් තරණය” හෝ නොආපසු හැරෙන සීමාව ලෙස හැඳින්විය හැක. එවැනි තීරණ ප්‍රඥාවෙන් යුතුව රටේ දිගුකාලීන අභිලාෂයන් සැලකිල්ලට ගනිමින් මහත් සැලකිල්ලෙන් යුතුව ගනු ලබන තීරණ විය යුතුය.

Related posts

නොවැම්බරයේ සිට ජාතික විදුලිබල පද්ධතියට අළුතෙන් මෙගාවොට් 100 ක්

Mohamed Dilsad

2 Women and a young girl arrested with heroin

Mohamed Dilsad

අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන ෆොන්සේකා ගෙන් ෆේස්බුක් සටහන

Mohamed Dilsad

Leave a Comment