Trending Newsඑසැන පුවත්දේශීය

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ගැලපෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අන්ත දක්ෂිණාංශික හෝ අන්ත වාමාංශික ප්‍රතිපත්ති රටට ඔබින නොවන බවත් දකුණ සහ වම යන වචන භාවිත කිරීම මෝස්තරයක් වී ඇති බවත් මේ වාමාංශික සහ දක්ෂිණාංශික ක්‍රමවල පවතින හොද ගුණාංග ගෙන සෘණාත්මක දේ පසෙකලා මැද මාවතේ එනම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ යා යුතු බවත් එය රටේ ගැටලුවලට ඇති එකම විසදුම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මානුෂීය ධනවාදය තුළ ධනය උත්පාදනය, ආර්ථික වර්ධනය වේගවත් කිරීම මෙන්ම වෙළඳපොලේ ඉල්ලුමට සැපයුමට පමණක් බාර දී මෙම ධනය පහළට කාන්දු වෙයි කියන සිතුවිල්ල රටට සුදුසු නොවන බවත් ලෝකයේ පවා මෙම මොඩල අසාර්ථක බවත් සෑම දෙයක්ම රජය කළ යුතුය යන න්‍යායයත් සිදු නොවිය යුතු බවත් මේ අන්ත දෙකේ මැද මාවත කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සිටිසන් වොයිස් වැඩසටහන යටතේ ආර්ථික විශේෂඥයන් පිරිසක් සමග ශ්‍රී ලංකාවේ ආර්ථික ගැටලු හා දිළිඳුකම පිටු දැකීම පිළිබඳව විපක්ෂ නායක කාර්යාලයේ දී ඊයේ (17) පැවැති හමුවකදීය.

පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත අවස්ථා ගණනාවකදී ‘අස්වැසුම’ වැඩසටහන විද්‍යාත්මක නොවන බවට පෙන්වා දුන් බවත් IMF සහ ලෝක බැංකු ආදී මූල්‍ය ආයතනවලට මේ අස්වැසුම ගැන අවබෝධයක් ලබා ගත නොහැකි වී ඇති බවත් මේ සංඛ්‍යාලේඛන අනුව අස්වැසුම වැඩසටහනේ සිටිය යුතු 58%කට අස්වැසුම නොලැබීම බරපතළ ගැටලුවක් බවත් අස්වැසුම හා සමෘද්ධියේ අඩුපාඩුකම් ඇති බවත් අස්වැසුම සමෘද්ධියේ අඩුපාඩුවලින් පාඩම් ඉගෙන ගෙන නැති බවත් 23%ක් නුසුදුස්සන් ද අස්වැසුම ලබන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයෙන් ද ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ණය ගෙන අස්වැසුම දෙන බවත් මෙහි තෝරා ගැනීමේ ගැටලු ඇති නිසා විදුලි බිල කේන්ද්‍ර කර ගෙන සහන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජය බංකොලොත් රටේ සුදුසු අයට අස්වැසුම දෙනවා වෙනුවට නුසුදුසු අයට අස්වැසුම දෙන බවත් මෙය ගැටලුවක් බවත් අස්වැසුම පරිභෝජන වැඩපිළිවෙළක් පමණක් වුනත් මෙහි ආයෝජනය නිෂ්පදනය අපනයනය ඉතිරි කිරීමද තිබිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා ඊට අමතරව සදාකාලීක සහන නොලබා කිසියම් කාලයක් තුළ එම පවුල් සවිබල ගැන්විය යුතු බවත් අවධාරණය කළේය.

ආර්ථික වර්ධනය සමාජවාදී ප්‍රතිපත්ති හරහා සිදු කළ නොහැකි බවත් ඒ හරහා පුද්ගල වර්ධනයක් නම් සිදුවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

නිවස අසල පාපැදි පැද්ද දරුවා ලොරියක ගැටී මරුට

Mohamed Dilsad

Argentine Police raid former President’s homes

Mohamed Dilsad

கால நிலை சீர்கேடு அதிகபனிமூட்டம் வாகன சாரதிகளுக்கு எச்சரிக்கை

Mohamed Dilsad

Leave a Comment