Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය 20 වෙනිදා

රත්නපුර මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය අගෝස්තු 20 වෙනිදා, පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

සම්ප්‍රදායට ගරු කරන රත්නපුරේ පුරවැසියෙකු ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා වශයෙන් තෝරා පත් කරගත යුතු බව එම දේවාලයේ පාරම්පරික නිත්‍ය රාජකාරී මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන තිබේ.

සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයාගේ ධුරකාලය අවසන්වීම සමඟ  ස්ථිර බස්නායක නිලමේවරයෙකු පත්කරන තෙක් තාවකාලිකව එම තනතුරේ කටයුතු ආවරණය කිරීම සදහා එස්.වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් මීට පෙර කටයුතු කරන ලදී

කෙසේ වෙතත් එම පත්කිරීමට විරෝධය පළ කරමින් කපු මහතුන් ඇතුළු රාජකාරි මණ්ඩලය තේවාවන් සහ රාජකාරි වලින් ඉවත් වූහ. ඔවුන් චෝදනා කළේ, මෙම පත්කිරීම සම්ප්‍රදායට එරෙහිව සහ දේශපාලන වුවමනාවන් මත සිදු කර ඇති බවටය.

එවන් පසුබිමකයි බස්නායක නිලමේවරයෙකු තෝරා ගැනීමට අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සිදුවිය.

කෙසේ වෙතත්, එම අධිකරණ කටයුතුවලින් පසු එළඹෙන 20 වනදා සබරගමු මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිලවරණය පැවැත්වෙනු ඇත.

Related posts

Charges to be filed against Mahanama & Dissanayake

Mohamed Dilsad

US Ambassador Woody Johnson warns Britain to side with Trump on Iran

Mohamed Dilsad

මැතිවරණ කටයුතු සඳහා නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment