Trending Newsඑසැන පුවත්දේශීය

සැප්තැම්බර් මුල සිට, සෑම සඳුදා දිනකම කෞතුකාගාර වසා තබයි

එළඹෙන සැප්තැම්බර් 01 වන දින සිට සෑම සඳුදා දිනකම, කොළඹ ජාතික කෞතුකාගාරය ඇතුළුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර මහජනතාව සඳහා වසා තබන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අනෙක් දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 06.00 දක්වා කෞතුකාගාර විවෘතව තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සෑම සඳුදා දිනකම කෞතුකාගාර මෙලෙස වසා තැබෙනුයේ නඩත්තු කටයුතු සඳහා වන බව සඳහන්.

එමෙන්ම නිදහස් දිනය, සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද, කම්කරු දිනය සහ වෙසක් සහ පොසොන් උත්සව වැනි විශේෂ නිවාඩු දිනවල ද කෞතුකාගාර වසා තබනු ඇත.

කොළඹ ජාතික කෞතුකාගාරය පෙ.ව. 09.00 සිට ප.ව. 06.00 දක්වා විවෘතව තැබෙන අතර, ටිකට්පත් නිකුත් කිරීම ප.ව. 03.00 ට අවසන් වනු ඇත.

අනෙකුත් කෞතුකාගාර පෙ.ව. 09.00 සිට ප.ව. 05.00 දක්වා විවෘත වන අතර, ටිකට්පත් නිකුත් කිරීම ප.ව. 04.00 ට අවසන් වේ.

Related posts

මෙරට මුහුදු සීමා ආශ්‍රිතව මළ මුහුදු කලාප ඇතිවීමේ අවදානමක්

Mohamed Dilsad

වාහන ආනයන ගැසට්පත්‍රයේ කරුණු ප්‍රශ්නගත බව වාහන ආනයනකරුවෝ පවසති.

Editor O

Heroic Ben Stokes re-writes Ashes folklore

Mohamed Dilsad

Leave a Comment